සුදු
පාට දූවිල්ල සහ මගේ ආත්මය
[INTRO — Dark, Slow Reggae | Deep Bass |
Whispered Vocal]
වෙස්මුහුණු
දාපු... ෆේක් ලෝකයක්...
ඒත් මගේ හුස්ම...
මගේ ආත්මය...
කාටවත්...
මරා දමන්න බැහැ!
[VERSE 1 — Dark Reggae / Hip-Hop Groove]
පෙනුම මුදු... පියකරු වුණත්,
හිත ඇතුළේ... නපුරු
ලෝකයක්...
සිතාගන්න බැරි... ලුහුබැඳීමක්,
වසර ගණනාවක... උමතුවක්...
මගේ නම...
මගේ රුවත්... මුසුව
තබමින්...
ෆේක් ගිණුමකින්... යක්ෂයෙක්
මතුවෙයි,
මලමිනියක මුහුණක්...
සීතල ආත්මයක්...
බලෙන් පැහැරගත්... මගේ පිංතූර
යට,
අවලස්සන කමෙන්ට්... මඩේ
පිපෙනවා...
පෙති දාහක්... කතා
මිලියනයක්,
තරහ මූණු... යායක්
මට ඔරවනවා...
එක් සීතල දවසක...
හිරු එළියක් ආවා,
මල් පොකුරකුත් අරගෙන...
ඔහු ආවා...
“ෆේක් මිනිසා මමයි...
මට ඕන... ඔයාව
මෙල්ල කරන්න...”
ඒ කටහඬම... භීතියක්...
ආත්මය පුළුස්සන...භයානක
හිනාවක්...
උදේට හොඳ මනුස්සයා...
රෑට යක්ෂයෙක් වුණා...
කතා නොකලොත් එක් රැයක්
සිනා නොවුණොත් එක් දිනක්
ෆේක් ගිණුමේ...
ආයෙ මඩ පිරෙනවා,
මගේ පිංතූර යට...
කමෙන්ට් මල් පිපෙනවා...
හැම රෑකම...
හැම රෑකම...
මගේ ආත්මය... හඬා
වැටෙනවා...
[PRE-CHORUS — Rising Tension | Emotional Vocal]
සර්-ට-ලීන්
අහුරක්...
සාමකාමී රැයක්...
පොත් දාහක් ලියන්න
තිබුණු වචන,
ගුලිවෙලා... මගේ ඇඟ
ඇතුළෙම...
පිලුණු ගඳ ගහන...
බෙඩ් ෂීට් යට,
මං ඔහේ... ගුලිවෙලා
හිටියා...
එක් දහස් එක්
රැයක් වගේ...
සති ගණන්...
එක දිගට... නිදාගත්තා...
හඳ දැක්කා...
කොළ පාටට...
සමහර දවස්වල මං...
ඔව්...
විශාදය කියන්නේ... බියකරු සිහිනයක්...
දක්ෂතා වසාගත්... සුදු
පාට දූවිල්ලක්...
හැම අතින්ම... මාව
අකර්මන්ය කළ...
අඳුරු රැයක්...
ඒත්
මං වැටෙන්නේ නැහැ!
මේ සටන දිනන එක...
මගේ අයිතියක්!
[CHORUS — Big Reggae + Hip-Hop Hook | Melodic]
ෆේක් ලෝකෙක... හැංගිලා රැගුවත්,
මගේ ආත්මය... මිල කරන්න බැහැ කාටවත්!
පිලුණු වචන... තරහ
මුහුණු,
සිදුරු කළත්... මගේ
ආත්මය...
නිදා නොවැටුණු... කෙනෙක් ඉන්නවා,
තවමත්... මගේ හිත
තුළ...
ඒ
මගේ ආත්මය!
මගේ පැවැත්ම!
දිනනවා...
අවසානයේ!
[VERSE 2 — Aggressive Rap | Tight Flow | Heavy
Bass]
අමාරුම දවස්වල... අත්වැල් බැඳගත්
යෙහෙළිය,
මුදල් සිඳුණු තැන...
පෙන්නුවා සැබෑ හැඩය...
වෙස්මුහුණු
පැළඳු... යක්ෂයා ළඟ
අවසානයේ,
ඇයත් හිටියා... මගේ
දුක විකුණලා සතුටේ...
කඳුළු වයින් කරලා...
උන් බීලා,
හැම රැයකම... උන්
සතුටු වුණා!
නීතියේ දොරටු... වැහුණත්,
පිළිසරණක් නැති තැන...
මගේ හයිය... මමමයි!
රාත්රි අඳුරේ...
නිහඬ බව බිඳින
කුරුමිණියෝ හැර,
වෙන කවුද... ඉන්නේ
මට මෙතැන?
කඳුළු බිඳු... ගලා ගියත්,
ආත්මය... හඬා වැටුණත්...
මම
ආයෙ පිපෙනවා!
මේ කැලැල්... පපුවේ දරාගෙන!
[FINAL CHORUS — Full Power | Choir Layer |
Emotional Climax]
ෆේක් ලෝකෙක... හැංගිලා රැගුවත්,
මගේ ආත්මය... මිල කරන්න බැහැ කාටවත්!
පිලුණු වචන... තරහ
මුහුණු,
සිදුරු කළත්... මගේ
ආත්මය...
නිදා නොවැටුණු... කෙනෙක් ඉන්නවා,
තවමත්... මගේ හිත
තුළ...
ඒ
මගේ ආත්මය!
මගේ පැවැත්ම!
දිනනවා!
දිනනවා!
අවසානයේ!
[OUTRO — Minimal Dub Reggae | Music Fading]
ෆේක් යක්ෂයා පන්නන්න...
තොවිලයක් නටන්නට...
සයිබර් කට්ටඩි ගෙන්නුවත්...
උන් නියම තක්කඩි...
විශාදය කියන්නේ...
සුදු පාට දූවිල්ලක්...
ජීවිතය වටකරන...
කළු කුණාටුවක්...
ඒත්...
මගේ සැබෑ හඬ...
කවදාවත් නිමෙන්නේ නැහැ...
මම...
තවමත්...
මෙතනමයි...
නොනැමී.
Upeksha Nuwansreeni
................................
English Literary Adaptation
White Dust and My Soul
[INTRO —
Dark, Slow Reggae]
A world
behind a thousand masks...
A counterfeit world dressed in borrowed faces...
But my
breath...
My soul...
No one can
take them from me.
No one can bury me alive.
[VERSE 1 —
Dark Reggae / Hip-Hop Groove]
Her face was
soft, almost innocent,
but somewhere underneath
lived a world of cruel dreams.
A pursuit I
could never understand,
an obsession that survived
through years of silence.
They wore my
name,
they borrowed my face,
and from behind a false account
a monster slowly emerged—
a corpse
wearing a human face,
a soul gone cold.
Beneath the
pictures
they had stolen from me,
a garden of ugly comments
began to bloom in the mud.
A thousand
petals of poison,
a million stories invented from hatred,
while angry faces
stared back at me
from the endless fields of Facebook.
Then, one
cold day,
the sunlight came back.
He came
carrying a bouquet of flowers,
as though he had brought kindness
to my doorstep.
“I am the
man behind the mask.
I want to break you.”
That voice
was terror.
That laugh—
a dreadful sound
that could scorch the soul from within.
A good man
in the morning,
a devil after dark.
If I stayed
silent for one night,
if I failed to smile for one day,
the mud would return to the fake account.
And beneath
my stolen pictures,
another garden of comments
would bloom.
Night after
night...
My soul
would fall apart.
[PRE-CHORUS
— Rising, Haunting]
A handful of
pills...
and one strangely peaceful night.
A thousand
books worth of words
had folded themselves
inside my body,
waiting for a voice.
Beneath cold
sheets
that carried the stale breath of lonely days,
I curled into myself
and disappeared.
For weeks,
like a thousand and one nights
without an ending,
I slept...
And on some
mornings
the moon itself
looked green to me.
Yes...
Depression
is a terrifying dream—
white dust settling over everything,
smothering the gifts
I once carried inside me.
A darkness
that made me powerless
from every direction...
But I will
not fall.
Winning this
battle
is my right.
[CHORUS —
Big Melodic Reggae / Hip-Hop]
Hide behind
your counterfeit world,
dance beneath your borrowed faces—
But my soul
has no price you can afford.
Let bitter
words
and angry faces
tear at the skin of me...
There is
still someone
inside my heart
who refused to sleep.
That is my
soul.
That is my existence.
And in the
end...
I will rise.
[VERSE 2 —
Aggressive Rap]
The friend
who held my hand
through the hardest days
showed me her true face
when the money disappeared.
In the end,
she stood beside the monster
behind the mask.
They turned
my sorrow into a feast,
drank my tears
as though they were wine,
and celebrated
while I was breaking.
Night after
night.
When the
doors of justice closed,
when there was nowhere left to turn—
I became my
own refuge.
I became my own strength.
Who else was
there?
Only the
insects
breaking the silence of the night,
singing in the darkness
as if they knew
I was still alive.
Let the
tears fall.
Let the soul
collapse.
I will bloom
again—
carrying
every scar
upon my chest.
[FINAL
CHORUS — Full Power / Emotional Climax]
Hide behind
your counterfeit world,
dance beneath your borrowed faces—
But my soul
has no price you can afford.
Let bitter
words
and angry faces
tear at the skin of me...
There is
still someone
inside my heart
who refused to sleep.
That is my
soul.
That is my existence.
I will rise.
I will rise.
In the end.
[OUTRO —
Minimal Dark Dub Reggae]
We summoned
shamans
to drive the false devil away...
But even the
cyber-exorcists
wore masks of their own.
Depression
is white dust—
a pale storm
that settles quietly
until it begins to destroy a life.
But my true
voice
will never disappear.
I am still
here.
Still
breathing.
Still
standing.
Unbowed.
Upeksha Nuwansreeni



