නිමිත්ත -
අරාබි නිසොල්ලාසය ලියවුණේ ස්වකීය ජීවිතය රැක ගැනීම පිණිස
කුමරියක විසින් මිනීමරු රජෙකු ඉදිරිපිට කියන ලද කතා සමුදායකිනි. මම ද
සුරංගනා කතා කිහිපයක් ලිවීමට සිතුවෙමි. මේ සෑම කතාවක්ම අයිති වන්නේ Sandu Jayasinghe
ට ය. සන්දු ගැන මේ වන විට බොහෝ අය දැනුවත්ව ඇතැයි සිතමි. ඇය අතිශය දුර්ලභ
රෝගී තත්වයක් නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ වන විට ඇයට පාද දෙකම අහිමිය. ශරීරයේ දරුණු තුවාල සහිතව වේදනාවෙන්
සිටියද ඇය ශක්තිමත් කිරිල්ලියකි. ඇගේ සතුට වෙනුවෙන් මට කළ හැක්කේ රැය පහන්
වන තුරු ලියන්නටය. මේ ලියන්නේ ඇගේ සතුට උදෙසාමය..
