අතර මග යන එන විට ඇසුනොත් මිස මම ගීත අසනවා ඉතා අඩුය. එයට හේතුව කාලය
පිළිබද ඇති ගැටලුවයි. නමුත් ගීතයක් විදින්නට ආශාවක් පහළ වූ විට මා ප්‍රිය
කරන ගීතයක් තෝරා ගෙන අන්තර්ජාලය ඔස්සේ විඳිනවා විනා, ගුවන් විදුලියට හෝ
රූපවාහිනියට වැය කරන්නට කාලයක් ඇත්තේම නැත. නමුත් නව පරපුරේ ප්‍රේම ගීතයක්
අහම්බෙන් හෝ ඇසූණු දවසක ඒවා අලුත උපන් දරුවන් වාගේය. එකිනෙකින් වෙන්කර
හදුන්නනට බැරිය. කටහඩවල් වලද අනන්‍යතාවක් නොමැත. ගායන විලාෂය සැලකූ විට
විලාපයන් සේය. මේ වැලපිලි ගායනා අසා සිටි මට සිතුණේ මේ ගායකයන්ගේ
පෙම්වතියන් ඔවුන් හැර දමා යාම පුදුමයක්ද කියායි.
අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Showing posts with label Sinhala Songs. Show all posts
Showing posts with label Sinhala Songs. Show all posts
Thursday, January 5, 2017
Monday, November 21, 2016
ගීතයක හද බස මිමිනීම සහ ප්‍රේමයේ සෞන්දර්යය
ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.
Subscribe to:
Posts (Atom)
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...
-
ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!! ජොකත් නැති ...

