අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Sunday, January 8, 2017
මහජන ප්‍රදර්ශනය නොකර රෙද්දක ඔතා තියා ගන්න
මේක මාර බෞද්ධ රටක්ය. හැම තැනම කොඩි වැල්ය. රෙදිවැල්ය. සාධූ කාරය. පන්සල්වලට මල් පුදා ෆීල්ම් හෝල් වලට සාදුකාර තියන්න පුලුවන් තරමටම බුදු බණ වෑහෙනවාය. අටලෝදහම දන්නෙ නැති , පිදුරු කකා ගාලේ ඉන්න ඕන එවුන් චිත්‍රපටි කරන්න ගියාම අපිත් ඕවා බලනවාය. ඉතින් අපි අපටම කෙවිටෙන් තලාගන්නට ඕනය. හැබැයි ඉතින් අපට ඒන විදිහට ඒ ගැන ලියන්න කතා කරන්න තහනම්ය.
කෝල් එනවාය. කෝල් එවනවාය. ශරීර ඇප තියාගෙන ඒවා පාවිච්චි කරනවාය. චිත්‍රපට කර්මාන්තයට කෙළවෙන්නේ මෙවන් හරක් නිසාය. උන් පසු පස ඉන්නේ මීහරක් ව්‍යාපාරිකයන්ය. උන්ට අවශ්‍ය මනුෂ්‍යයන් නොවේ. මිනිස් ද්‍රව්‍යයන්ය.ඔවුහු ඒ ද්‍රව්‍ය භාවිත කරන්නේ තමන්ට උවමනා හැටියටය. මට මිනිස් ද්‍රව්‍යයක් වන්නට බැරිය.
වරක් මට Satyajit Maitipe චෝදනාවක් කළේය. ඒ හඳගම සහ ප්‍රසන්න උඩදමනවා කියාය. ඔවු මම මීට පස්සේ එයාලව විතරක් උඩදානවාය. මොකද ඒ අයගේ එුවවාට මොන දේ ලීවද කිසි ගැටලුවක් එන්නේ නැත. සේපාල් අමරසිංහ ගෙන ගිය කැම්පේන් එකේදී හඳගම සිටි නිසල ස්වභාවය මතක ඇතැයි සිතමි. විචාරක යා හරි ප්රේක්කෂයා හරි ලියන්නේ ඌට ඕන දේය. අධ්‍යක්ෂට හරි ඒකාගේ අම්මට හරි ඕන දේ මම ලියන්නේ නැතිය.. බූරුවන්ට පිදුරු මිස වටලප්පන් කවා වැඩක් නැත.සතා කවුදැයි නොදැන කිසි කලෙක මොනම ලියවිල්ලක්වත් යළි ලියන්නේ නැත..
ඔය කියන එක මහජන ප්‍රදර්ශනය නොකර රෙද්දක ඔතා තියා ගන්න කියා අධ්‍යක්ෂකට කියනවා නම් වඩා හොදය. රෙද්ද අස්සේ විචාර ඇත්තටම මම දන්නේ නැතිය. ඒ ඇත්තෝ හිත රිද්දාගත්තාට මන්දබුද්ධිකයෝය කීවේ නිකම් නෙමේය...!!!
( දැන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින් වතුන් තුන්පාරක් සාධු කාරයක් දීලා ටොක්කක් ඇනන් ආයෙමත් නිදා ගන්ට..!!! ඕං මං ගියා..!!
Subscribe to:
Post Comments (Atom)
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul
සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...
-
ජොකා පිටින් ඉන්නකොට නෙවැ මුගෙ ලස්සන Dasun Pathirana !!! ජොකත් නැති ...


ඒ කියන්නේ මාධ්‍ය පොදර්සොනේ තියන්නේ මාද්දිය කාරයන්ට කියලා හොඳ ලියා ගන්ට වෙන්ටෑ...
ReplyDeleteඅනිවාර්යයෙන්ම.නිෂ්පාදකගේ ඒකාධිකාරය කැපී පෙනුන උත්සවයක්.. විචාරකයට ආරාධනා කල එකාගෙ රස්සාවට කෙලවන්න යන නිසා මම ඉවත් කරගත්තේ..ඕං සිංහල බෞද්ධ චිත්‍රපට හදන වුන්ගෙ ඇතුල
Deleteඅධ්යක්ෂ චිත්‍රපටිය හැදුව. දැං නිෂ්පාදකගෙ අතේ ...ඒක ඉතිං එහෙමනෙ. ඕකට නිර්මාණාත්මකව සම්බන්ධ වුණ අපේ පුතාගෙන් ඇහුවම ඌටත් ඉන්විටේෂන් නෑ කිව්ව. මාධ්‍යට සම්බන්ධ, ෆිල්ම් විචාරත් ඉඳහිටවත් ලියන අපිටත් බලන්න වුණේ නෑ කිව්වම..සල්ලි දීලම බලනව ආවට පස්සෙ.
Delete/* ඉතින් අපි අපටම කෙවිටෙන් තලාගන්නට ඕනය. */
ReplyDeleteඒ ඉස්සර, දැන් මඩු වලිගෙන්!
හප්පෙ.....
ReplyDeleteමේක මාර ජෝක් එකක්නෙ අප්ප!
ReplyDeleteඉඳපංකො බලනකං. බලල ලියන්න පුුලුවන්නෙ.
මාධ්‍ය ප්රදර්ෙනේට ගියෙත් නැති හින්ද ජොබකට කෙලවෙන්නෙත් නෑනෙ
phone off koran sim galawam hitapam liwuwata passe
DeleteThis comment has been removed by the author.
Deleteඔන්න ඔගේ ලියල දාන්න. මටත් ඕවගේ විවේචනයක් ආව එක අධ්‍යක්ෂක කෙනෙක් ගේ යහළුවගෙන්. කොච්චර අමාරුවෙන් නය අරගෙනද ෆිල්ම් එක හැදුවේ. විචාරකයෝ ඒවා දන්නේ නැහැ කියල. මාත් විචාරකයෙක් වුනේ එදාද කොහෙද. හේ හේ
ReplyDeleteඅටලෝ දහම නොදැන බෞද්ධාගමික චිත්‍රපට කරන්නෙ ඇයි
Deleteමොකද්ද කේස් එක?
ReplyDeleteඅවංකව ලියන්න දෙන්නේ නැහැ කියන්නේ, අවං\කව හිතන්න දෙන්නේ නැහැ කියනවා වගේ වැඩක්නේ.ඒක තමයි මූලිකම අවුල. සමාජයම ඌරු කොටුවක් වගේ. කිසිම වැලියු එකක් නැහැ.
ReplyDeleteඔවු විචාරය කියන්නෙ ප්රෙකෂකයා නොමග යන තැන් පෙන්වලා දෙන එකනේ..ඒ ලියවිල්ලෙ සීන්ස් වල අඩුපාඩු විස්තර කරපු එක තමයි අවුල් වෙලා තීන්නෙ
ReplyDelete