අකුරු එකට හැපෙන තැනක්

🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක

Monday, December 19, 2016

වේදනාවෙන් ඉන්න කොට දැනෙන්නෙ ආදරය කරන මිනිස්සු ..




අද තුන්පාරක් චායගෙ ෆෝන් එකට ගත්තා.. තුන් පාරම ඒ තාත්තා කතා කළේ.. පිස්සු මරගාතයක් කියල හිතන්න ඇති. මලවුන් ජීවත්ව සිටින්නන්ට වඩා සමහර වෙලාවට හරි ප්‍රබලයි....

Saturday, December 17, 2016

මල් තුහින නොවේ මේ යාපනේ....




නයනහාරී අබේනායකගේ මල් තුහින නොවේ මේ යාපනේ .. ජායාරූප ප්‍රදර්ශනය නිමිත්තෙනි....

අද විශ්ව විද්‍යාලයේ දේශන සඳහා යන විට, පහත මාලයේ ජායාරූප ප්‍රදර්ශනයක් දුටුවෙමි. කලබලය නිසා උඩින් පල්ලෙන් එක දෙකකට එබී බලද්දීම මට එහි මහා පුරුදු ගතියක් දැනුණේය.. ලාල් සර්ගෙ වෙන්න ඕන.. ඒ රිද්මයමයි.. මම මට ම කියාගත්තෙමි.. මා දේශණ ශාලාව වෙත පියමැන්නේ, ජායාරූප වෙතින් ලද ආශ්වාදයද හදවත කරපින්නාගෙනය.. දේශන අවසන් වී, ධරණීත් මමත් ජායාරූප ශාලාව වෙත පියමැන්නේ, උදේ ඇති වූ කුතුහලය නිසාමය. ඉතින් අපි මහත් ආශාවෙන් එකින් එකට එබෙමින්, හද ඇද ගත් සේයා රූ ජායාරූපගත කරමින් ආවෙමු. මේ ගමනේදී අපට එක්වරම මුණ ගැසුණේ කැමරාවක් අත දරාගත් ප්‍රිය ජනක දොඩමළු මිනිසෙකි. ඔහු සිරිපාල අබේනායකය... මේ ජායාරූප වල සැබෑ හිමිකාරිය ඔහුගේ දියණිය වූ නයනහාරී අබේනායකය.

Friday, December 16, 2016

පහත් තැනින් යයි ගලා ජලේ .....




හැම යුගයකම ජීවත් වෙච්ච මිනිස්සු රාත්‍රී කාලය ගෙවන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. රාත්‍රිය කියන්නේ වෙහෙසකාරී ජීවන පෙවෙතින් අත්මිදිලා, පවුලේ අය එක්ක ගෙවන්න තියෙන කාලය. ඓහෙමත් නැත්නම්, පෙම්වතියන් හොයාගෙන හොරාට ගෙවල් පිලිකණු පැත්තෙන් ඇදෙන්න තිබිච්ච වෙලාව. හැබැයි මේ කොයි අරුතින් ගත්තත්m රාත්‍රිය තුළ සෞන්දර්යයක් තියෙනවා. අතීතයෙ ගැමි ජීවන රටාව ඇතුළෙ මනුෂ්‍ය සම්බන්ධතා අදට වඩා තදානුබද්ධයි. එක මොහොතක් හරි විස්තාරිකයි . තාක්ෂණය අතින් නොදියුණු ඒ වගේ යුගයක, ගමේ කෝපි කඩයට එකතු වෙන මිනිස්සු, දාං ඇදීම වගේ ක්‍රීඩාවන් වල නිරතවුණා විතරක් නොවෙයි, ඒ අතරතුර උණු කෝපි කෝප්පයක් පානය කරමින් විවිධ රස කතා කීමෙහි සමතුන් ද වුණා.

Sunday, December 11, 2016

අවසාන කුරුල්ලා



නිමිත්ත -
අරාබි නිසොල්ලාසය ලියවුණේ ස්වකීය ජීවිතය රැක ගැනීම පිණිස කුමරියක විසින් මිනීමරු රජෙකු ඉදිරිපිට කියන ලද කතා සමුදායකිනි. මම ද සුරංගනා කතා කිහිපයක් ලිවීමට සිතුවෙමි. මේ සෑම කතාවක්ම අයිති වන්නේ Sandu Jayasinghe ට ය. සන්දු ගැන මේ වන විට බොහෝ අය දැනුවත්ව ඇතැයි සිතමි. ඇය අතිශය දුර්ලභ රෝගී තත්වයක් නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. මේ වන විට ඇයට පාද දෙකම අහිමිය. ශරීරයේ දරුණු තුවාල සහිතව වේදනාවෙන් සිටියද ඇය ශක්තිමත් කිරිල්ලියකි. ඇගේ සතුට වෙනුවෙන් මට කළ හැක්කේ රැය පහන් වන තුරු ලියන්නටය. මේ ලියන්නේ ඇගේ සතුට උදෙසාමය..

Wednesday, December 7, 2016

ඔබ මරණ පාශයෙහි බැඳුනේය.. මම ස්නේහ පාශයෙහි බැඳුනෙමි..!



මනුෂ්‍යය සම්බන්ධතා යනු ජීවත් වීම තුළින් ම හැදෑරිය යුතු ගැඹුරු ධර්මතාවකි. මන්ද මනුෂ්‍යයා විසින් ස්වකීය ජීවිතය පවත්වා ගැනීම උදෙසා මුහුණ දෙන සන්සිද්ධි සහ සංකූලතා අතිශය සංකීර්ණ විය හැකි බැවිනි. මානව සම්බන්ධතාවක ස්වරූපය මෙයාකාර විය යුතුයයි කල් තියා කිව නොහැකිය. එය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවක්ද , හුදු මිත්‍රත්වයක් ද, එසේත් නැතිනම් එකිනෙකාට ප්‍රකාශ කිරීමෙන් තොරව මුණිවත මගින්ම පවත්වාගනු ලබන ආදරයක්ද, පීතෘ දූහිතෘ හැගීමක්ද වශයෙන්, ඇතැම් විට සම්බන්ධතාවක් කිසිදා පැහැදිලිව නිර්වචනය කළ නොහැකිය. 

Monday, December 5, 2016

ෆැන්ටසි කුසුම -




වසන්තය මග ඇරුණු ගසකට
හීනෙනුත් පෙනෙනවා පල වැල
කුරුල්ලෙක් වත් නොඑන අතු මත
මලක් පිපෙනා දවස විමසන
කොයිතරම් ගස් කොළං තිබුණද
හිස නමාගෙන හඩන පොළවට ..



Sunday, December 4, 2016

කාව්‍යානුභූතිය මරාගෙන ජීවිතය විකසිත වීම




ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක

- PINCH POINT බ්ලොග් අඩවියෙනි -

ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන

මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන


සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය White Dust and My Soul

            සුදු පාට දූවිල්ල සහ මගේ ආත්මය [INTRO — Dark, Slow Reggae | Deep Bass | Whispered Vocal] වෙස්මුහුණු දාපු ... ෆේක් ලෝකය...