............................................................
Ingredients
..............................................................
වෙනස් ආකෘතිය ක බටහිර චිත්‍රපටයක්
කාමරයක්
ටැප් එකක්
එලවලු කපන පිහියක්
පූසෙන්
බල්ලෙක්
ඔම්ලට් එකක් සකසා ගත හැකි පෑන් එකක්
බිත්තරයක්
වම්බටු ගෙඩියක්
ප්‍රසිද්ධියේ ඇඳුම් මාරු කරන්න කැමති නිලියක්
අත වනපු ගමං ගෙන්න ගන්න පුලාං නලුවෙක්
හොඳ තත්වයේ පෑන්ටියක්, බ්‍රෙෂියරයක්
බාත් ටවල් එකක්
ඈෂ් හෝල්ඩරයක්
සිගරට් එකක්
ගිනි පෙට්ටියක්
චිත්‍රපටය සාදා ගන්නා ආකාරය
..............................................
චිත්‍රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හංදියෙං කොල්ලකු අල්ලාගෙන ඌට තමා තෝරාගත් චිත්‍රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යයි ඉල්ලා අර චිත්‍රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම
ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිලියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරු කරන්න සලස්වන්න.
ඉන් පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න....ඇය කාමරයෙන් එහාට හැරෙද්දි නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න...ඉන්පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඩක් පසුබිමට එකතු කරන්න .( බල්ලාගේ කරපටියෙහි සමාජවාදී රතු තරුව ඇත. Closeup)
ඉන්පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න ( එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.)දැං බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න .( අහෝ ස්ත්‍රි හිස්ටරික බව ..විකල්ප විචාරකයෝ හඩනු ඇත.)
දැං පූසා මේසය උඩය.. ඌ බදින ලද බටු ව්‍යංජන ය දෙස බලා සිටී ( එය පුරුෂ ලිංගයේ ස්ත්‍රි පිලිබිඹුවකැයි කේ කේ සමන් ලියනු ඇත.අපූර්වයි.)
පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව රතු පැහැ බිත්තරයක් කඩා පෑන් එකට දමයි එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය ( එය බෞද්ධ භාවයේ සංකේතීය ගබ්සාවේ පිළිබිඹුවක් යයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.) එමෙන්ම ඩෙරීඩා ස්ත්‍රි ආත්මයෙන් පුරුෂ කොටසට දෙකට වූවායයි දීප්ති කුමාර ගුණරත්න කැට තියනු ඇත. ඔක්කොම හොඳයි පෑන් එකට බිත්තරේ දාද්දි වමට සෑහෙන බර වුනා. ඔම්ලට් එකෙ දකුණු පැත්ත පුස්.මචං..ධනවාදයෙ අවුල පෙන්නන හැටි බලහං..බිත්තර සාරුවලිං එලියට පැනපු බී ලූනු කෑල්ල කරවෙලා..ඒ සංකේතීය අගය පට්ට... .ඒ විදර්ශන ය..
මේක මචං දෘෂ්ටිය අතින් මාර ප්‍රබලයි. සිම්බලික අර්ථය බලහං..අනෙක උඹ දැක්කද මේ බිත්තරේ කහමද දෙකක් තිබ්බ ..ඒකෙං කියන්නෙ ධනේෂ්වර පක්ෂ දෙක මැද තමයි වම තියෙන්නෙ .වම තමයි සුද මදේ සංකේතාර්ථ මාර පර්ෆෙක්ට් .....ඒ බූපතිය..
දැං ස්ත්‍රිය නිල් කට්රොල් යොදා සැකසූ බත සමග බටු මාලුව බුදියි...( ස්ත්‍රි පුරුෂ සමානාත්මතා වේ පිළිබිඹුවක් අහෝ ! සුරේඛා සමරසේන ලියයි )
උයා අවසන් වූ නිරුවත් ස්ත්‍රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි.( Closeup) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්‍රෙෂියරය එල්ලෙයි.( Closeup) ( ස්ක්‍රිය ආත්මය උනා දමා මාක්ස්වාදය ස්නානය කරයි ඒ චූලානන්ද සමරනායක ය)
ඉන් පසු ඇය බාත් ටවල් එකකින් හිස කෙස එකට බැඳ නිරුවතින් ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කල කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුව පහසු ලෙස දුම් උගුරක් උරයි..( සමාජවාදයට පශ්චාත් බාගයදුන් ධනවාදයේ ව්‍යාජ ස්ත්‍රිත්වය යයි ජයසිරි අලවත්ත ලියනු ඇත.) චිත්‍රපටය ට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඩ නගන කෙදිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කල හැක.( ස්ත්‍රි වැජයිනාවේ කෙදිරිය සංගීතය පිලිබිඹු කලා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත)
දැං නලුවා ඈෂ් ට්‍රේ එක ස්ටූලයක් මත තබා කරකවන සමීප රූපරාමුවක්.ඈෂ් ට්‍රේ එක මතට නග්න ස්ත්‍රියගේ රුව වැටී ඇත.ඔහු එය ඒ මේ අතට හරවමින් බලයි. එතකොටම සමාජවාදී තරුව පැලඳි බල්ලා ස්ටූලයට නැග ඈෂ් ට්‍රේ එක පෙරලා දමයි.අම්මට හු....පං කැම්රියා....නලුවා බෙරිහං දෙයි....( ධනවාදයේ මස් කට්ට ලෙවකන සුනඛයා සෑම විටම ස්ත්‍රි සෞන්දර්යයට ප්‍රතිවාදී වෙයි...කෙේ කේ සමන් කුමාර නැවත ලියයි ) අවසානයේ ටික ටික අඳුරු වී තිරය සහමුලින්ම අදුරු වෙයි කිසිවක් නොපෙනී යයි.අකුරු පමණක් පෙනේ...
කාන්තාව දැං පිරිමියාගේ ඔඩොක්කුවේ...
දැං දෙන්නා වැළඳගෙන ඉන්නවා
එකපාර අකුරු බොඳවේ.නිමි යයි වැටේ..
අකුරුවලිං දෙන්නෙක් හැමිණෙනව දැක්කමයි පුදුමෝත්තවල් තමයි මෙව්වා... හැබැයි පොඩි මෙව්ව එකකුත් තියේ...සන්නස්ගල රැවුල අතගාමින් උරහිස් සලමින් දොඩනු ඇත.
දැං ඔබ සම්භාව්‍ය වැඩිහිටි චිත්‍රපටය ක් නිපදවා තිබේ.එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසිනම් ඔබ කල යුත්තේ නිරුවත් ස්ත්‍රිය සිගරට් දුම මුදා හරින දර්ශනයට සමපාතව බුදු පිලිමයක් ඉදිරියේ හදුන්කූරක් දැල්වෙන ආකාර…

No comments:
Post a Comment