ජනවාර්ගික අර්බුධය මූලික කරගත් නිර්මාණ නොයෙක් වේශයෙන් විවිධ රටවල් සහ සංස්කෘතීන් නියෝජනය කරමින් ලෝකය තුළ නිර්මාණය වී තිබෙනුද, ඒවායින් ඒ ඒ රට සහ ජනවර්ගයට අදාළ ගැටලු ඉදිරිපත් කරනුද දැකිය හැක. එය යුද්ධයකින් පසු අත්පත් විය හැකි සාමාන්ය සමාජ කතිකාව බහුවිධ මාධ්යයකට නැගීමකි. නමුත් කිසියම් නිර්මාණයක් විසින් දේශ සීමා සහ සියළු වර්ගවාදයන් නිර්මාණයක් තුළින් පුපුරුවා හැර මනුෂ්යයත්වයට අඩගසන්නේද, එය සාර්ථක නිර්මාණයක් වශයෙන් මම දකිමි.
අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Monday, February 26, 2018
Saturday, February 24, 2018
යුද්ධය පවතින්නේ කොතැනකද? - Her, Him & Other
යුද්ධය යනු කුමක්ද? එය පවතින්නේ කොතැනකද? විශ්වය ආරම්භ වූ දා සිටම කිසියම් දේශයක, යුගයක,ජාතියක හැරවුම් ලක්ෂයක් නිම කරනු පිණිස යුධමය තත්ත්වයක් ඇති වූ බව කිව හැකිය. සැබැවින්ම එය මිනිසාගේ අවසානයේ ලකුණක්ද? නැතිනම් පැවැත්මේ අත්‍යවශ්‍ය සළකුණක්ද යන්න විග්‍රහ කිරීම අසීරු කරුණකි. මන්ද විනාශයේ අත්‍යවශ්ය සාධකයද, පැවැත්මේ නිත්ය සාධකයද යනු, එකක්ම විය හැකි බැවිනි. නීට්ෂේගේ සදාතනික පුනරාගමන සංකල්පය අනුව නම් වරක විශ්වය තුළ පහළ වූ යුද්ධයක් යලි යලිත් ඒ ස්වරූපයෙන්ම කොතැනක හෝ ඇති වනු ඇත. ඒ අනුව උතුරේ සිටි ප්‍රභාකරන් යළිත් පැමිණ භීෂණයක් ඇතිකරනවාය යන නිගමනයට එළඹිය හැකි වුවද, සදාතනික පුනරාගමන උපන්‍යාසය මේ වන විට නොතැකිය යුත්තකි. මක්ද, එදා උතුරේ ඇති වූ යුද්ධය එලෙසින්ම යලි ඇති වුවද එය අනෙකක් මිස එදා ඇති වූ යුද්ධය නොවේ. සැබැවින්ම කාලයත් සමග එහි සිදුවන දේශපාලන සහ ආර්ථික පරිවර්තනයන් සමග මනුෂ්‍ය ජීවිතයේ ඇතිවන පරිවර්තනයන් මත එක සමාන සිදුවීම් විශ්වය මත සදාකල් සිදු විය හැකි නමුදු, කිසිදා සිදු වූ යමක් යලි එලෙසින්ම සිදු වීමක් නොවේ.
Subscribe to:
Posts (Atom)
සිරුර සහ අකුරු: ලේඛනය පිළිබඳ ප්‍රපංචවේදී විමසුමක්
" සෑම කෙනෙකුගේම දවසේ සාහිත්‍යයක් ගොඩනැගිය හැකි වැදගත් මොහොතක් තිබේ. ඔබ ලිවිය යුත්තේ ඒ ගැනයි." – රේමන්ඩ් කාවර් මෙලොඩ්‍රාමා ශාන...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
යුද්ධය යනු කුමක්ද? එය පවතින්නේ කොතැනකද? විශ්වය ආරම්භ වූ දා සිටම කිසියම් දේශයක, යුගයක,ජාතියක හැරවුම් ලක්ෂයක් නිම කරනු පිණිස යුධමය ත...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...

