ඇත්තටම බුකි කල්චර් එක කියන්නේ වෙනස්ම එකකි.එහි තියෙන්නේ යම් සංසිද්ධියක අන්තර් ගතය එතරම් නොසලකා තේමාව මෙව්ව කරන එක් සිස්ටම් එකය. අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං වාගේ සිංහල සමාජය ඇතුලේ ඉස්සරත් එක එක ඒවා ඒ ඒ කාලෙට ඕන තරං සිද්ධ වුණේය. ඒත් කුජීතු ජන මාජ්ජය එච්චර වෙළඳ ඒකාධිකාරයක් ගොඩ නගා ගෙන තිබුණේ නැති හංදා ඒ ඒ එවුවා ඒ ඒ තැන් වලම සැගවී ගියේය. ඒත් දැං ඒම නැත. සිදුවන සිදුවීම් වලින් වැඩියෙන්ම රේට් වන එවුවා තෝරාගෙන ප්‍රීති වීම ජනමාධ්‍ය කල්චර් එක බවට වර්තමානයේ පත්වී තිබේ. එක්සාම්පල් එකක් විදිහට ගන්නවානම් ස්ත්‍රී දූෂණ අතරින් විරෝධතාව නැංවීමට වැඩියෙන් තෝරා ගන්නේ ලස්සම කාන්තාව හෝ දැරිය සම්බන්ධ දූෂණයයි.. මිය ගිය තැනැත්තියගේ නිරුවත් මල සිරුරේ කොටස් තිබේ නම් ෂෙයාර් කර ප්‍රීති වීමේ කණ්ඩායම් මේ අතර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වේ. ඒ අතින් අර කිඹුලා කා මිය ගිය දැරියගේ සිදු වීම යටපත් වූයේ ඇගේ මල සිරුරේ ෂෙයාර් කල හැකි සියළු අප්සැට් කොටස් කිඹුලා විසින් කා දමා තිබූ නිසාය. අන්න ඒකට කිඹුලාට ආචාරය පුද කළ යුතුය. දැන් ආයෙත් සාකච්ඡා කරන්න ගිය කාරණාවේ මුලට එමු..
අකුරු එකට හැපෙන තැනක්
🦉
🦉
🦋
🦋
🦋
අකුරු තිප්පොළ
අයාලේ සැරි සරන අකුරු දැන් එකම තිප්පළක
Monday, May 29, 2017
Saturday, May 27, 2017
සාහිත්‍යය ඔස්සේ බුදුන් දැකීම...
බුදුන් යනු ගැමියා වචනාර්ථයෙහි ආශ්චර්යය තුළින් දුර්වල මනසක් හිමි
මනුෂ්‍යයාගේ මනසෙහි මවන ලද්දා වූ විචිත්‍ර වූත් අනුහසාත්මක වූත්
නායකත්වයකි. බුදුන් දුටු කිසිවෙක් නොමැති මුත් බුදු කෙනෙකුන් පිළිබද මනෝමය
සිහින ගොඩ නංවා ගැනීමට ලාංකිකයාට ඉවහල් වූයේ බුදු සමය විසින් තිළිණ කළ
සාහිත්‍යයි. මහින්දාගමනයත් සමඟ ලංකාවේ බෞද්ධ හා සංස්කෘතික පුනරුදයක් ඇති
විය. ඉන්පසු සියලුම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය ,දේශපාලන සහ භාෂා
ශාස්ත්‍රාදියේ ද දියුණුව ඇති වීම නිසා සාහිත්‍ය ලේඛනයට වැඩි වටිනාකමක්
හිමිවිය. නමුත් මෙම පුනරුදය විදේශීය ආක්‍රමණ නිසා පසුකාලීනව කිසියම්
පරිහානි තත්වයකට පත් වූ අතර නැවත වරක් ලංකාවෙහි බෞද්ධ සංස්කෘතික පුනරුදය
ගොඩ නැගෙන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේදීය.
Subscribe to:
Posts (Atom)
සිරුර සහ අකුරු: ලේඛනය පිළිබඳ ප්‍රපංචවේදී විමසුමක්
" සෑම කෙනෙකුගේම දවසේ සාහිත්‍යයක් ගොඩනැගිය හැකි වැදගත් මොහොතක් තිබේ. ඔබ ලිවිය යුත්තේ ඒ ගැනයි." – රේමන්ඩ් කාවර් මෙලොඩ්‍රාමා ශාන...
-
මම ඇත්තටම ආසයි ඇවිදින්න.විවිධ සමාජ ස්ථරවල, මිනිස්සු අතර ගැවසෙන්න.ඔවුන්ගේ පාරිභෝගික හැසිරීම් දෙස බලා ඉන්න. ඔඩෙල් එකේ දී, මොන්ඩි එකේද...
-
යුද්ධය යනු කුමක්ද? එය පවතින්නේ කොතැනකද? විශ්වය ආරම්භ වූ දා සිටම කිසියම් දේශයක, යුගයක,ජාතියක හැරවුම් ලක්ෂයක් නිම කරනු පිණිස යුධමය ත...
-
නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්...

